Tuesday, November 17, 2015

හොර රාජිතත් ඇවන්ට් ගාඩ්ලාගෙන් ලක්ෂ 50ක් අරන් ! මෙන්න සාක්ෂි - දැන් ඉතිං නෑ කියන්නද?




ඇවන්ට්ගාඩ් සමාගමෙන් වත්මන් රජයේ ඇතැම් ඇමැතිවරුන් ද මුදල් ලබා ගෙන ඇති බවට කට කතා මැවෙන්නට පටන්ගෙන තිබේ.  ඇවන්ට්ගාඩ් අවි නාවුක හමුදා භාරයට ගැනීමත් සමග ඒ කට කතා වලට තටු ලැබුණු සෙයකි. ගින්නක් නොමැතිව දුමක් නොමැතිවා සේම,  - ඇවන්ට්ගාඩ් මුදල් සහ  ඇමැතිවරු සම්බන්ධ  මේ වගේ  කතා 'නිකමට' එළියට නොඑන බවයි ඒ ගැන මනාව දන්නා උදවියගේ ස්ථාවරය.
සම කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න පවසන්නේ 'ඇවන්ට්ගාඩ් කුට්ටියක්'  තමාටද ලබා දීමට පැමිණි නමුත්, තමා එය නොගත් බවකි.

එහි ඇත්ත දන්නෝ කවරහුද?

ඔවුන් පිළිබඳ හෙළිවන දවස එතරම් ඈතක නොවන බව නම් අපි දනිමු.
'ඇවන්ට්ගාඩ් කුට්ටිය' ලබා නොගත් බව පැවසීම සම්පුර්ණ අසත්‍යක් බව 'ජනතා බුද්ධි සේවය' හෙළි කරන්නේ සාක්ෂි සහිතවයි.

නිශ්ශංක සේනාධිපති ඇවන්ට්ගාඩ් හිමිකරුය. යහපාලන ආණ්ඩුවේ  ඉහල පෙළේ සාමාජික ඇමැති රාජිත සේනාරත්න, නිශ්ශංක සේනාධිපතිගෙන් ලබාගෙන ඇති ගණන රුපියල් ලක්ෂ 50කි.

ඒ බව ඔප්පු කරනුයේ කෙසේදැයි ප්‍රශ්නයක් පන නගිනු නොඅනුමානයි.
වෛද්‍ය සයුරු සමරසුන්දර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපතිවරයායි. ඇමැති රාජිත සේනාරත්නගේ ලේකම්වරයා ද  ඔහුය.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ඇමති රාජිත යටතේ පවතින්නකි.  ඇමැති රාජිතගේ  ලේකම් වෛද්‍ය සයුරු සමරසුන්දර සහ ඇවන්ට්ගාඩ් හිමිකාර නිශ්ශංක සේනාධිපති අතර පැවැති  අතිශය රහසිගත දුරකථන සංවාදයකින්  ඉහත නැගුණු  ගැටළුව සනාථ කරමු.

ඒම දුරකථන සංවාදය පහතින්


ඇමති රාජිත ට  දැන් ඇවන්ට්ගාඩ් වහ කදුරු වී ඇත්තේ ඇයි?
ලැබූ මුදල මදි නිසාද?

ඇවන්ට් ගාඩ් ව්‍යාපාරයෙන් දිගින් දිගටම අල්ලස් ගෙන - පසුව නොලැබීයාමෙන් ඇවන්ට් ගාඩ් ව්‍යාපාරය නීති විරෝධී බවත් - විවිධ ඇමැතිවරුන් අල්ලස් ගෙන තිබෙන බවත් තමාටත් අල්ලස් දීමට පැමිණි බවටත් සමාජය හමුවේ බේගල්  අත හරින   සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව - අල්ලස් ගැනීම සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසමට එකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලකි.

ලැබී ඇති  තොරතුරු අනුව විටින් විට ලක්ෂ 50 බැගින් මුදල් ලබා ගෙන තිබේ. අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදි ද ලක්ෂ 50 ක මුදලක් ලබා ගෙන ඇත.
රාජිත සේනාරත්න  අපෙක්ෂා කළ මුදල් ඒ ආකාරයෙන් නොලැබීමෙන්  ඇවන්ට්ගාඩ් සතුරෙකි.

ඇවන්ට්ගාඩ් හිමිකාරීත්වය පවසන්නේ - මුදල් ලබාගත් මැති -ඇමති, ලොක්කෝ - සොක්කෝ ඒ සෑම  පුද්ගලයෙකුම  සම්බන්ධයෙන්  අවශ්‍ය සාක්ෂි  තමන්  සතු බවයි. අවශ්‍ය අවස්ථාවල ඒවා පිටියට දමා වෙනම 'සෙල්ලමක්' පෙන්වීමට  ඇවන්ට්ගාඩ් පසුබට වන්නේ නැත.