Friday, November 20, 2015

රාජිතගේ හොර නැව් ගණුදෙනුව ඇතුළු ධීවර ඇමති සමයේ කළ සියලු මගඩි වල නිළ සාක්ෂි සියල්ල මෙන්න!


හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුලේ පිහිටි නිවසට ඇතුළුවී ඇති යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ලිපි ගොනු 06 ක් ටැබ් පරිගණකයක් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය වසරේ දෙසැම්බර් 03 දා රාත්‍රියේ. සොරකමේ පාඩුව කොයි තරම් ද කියල රාජිතට දැනිලා තියෙන්නේ, තමන්ගේ අමුතු වැඩ ගැන ඇතැම් සාක්කි එළියට ගිය නිසාය.

රාජිත - ධීවර ඇමති සමයේ කළ වංචාවන් ප්‍රසිද්ධ රහස් ලෙසයි පවතින්නේ.

පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පවත්වන බව මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා තිබුනා.

තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු රැවුල නොකපන බව 2005 දී පැවසූ සම්බරේ නම් ධීවරයාගේ රැවුල ධීවර ඇමති දොස්තර රාජිත සේනාරත්න වසර 9කට පසු කපා දැමුණා . ඇමති නැංගුරම්පොළට මුල්ගල් තබා පොරොන්දුව ඉටු කිරීමෙන් පසු ධීවරයා ඇමති ලවා රැවුල කප්පවාගැනීමටද එකඟ විය.  රැවුලේ අමුතු ප්‍රසිද්ධිය නිසා  - නැංගුරම්පොළට වෙන් කළ මුදලින් ඇමතිගේ සාක්කුවට ගිය ගාණ  කොපමණදැයි ධීවරයින්ට අමතකව ගියා.

හලාවත ධීවරයින් වරෙක අමාත්‍ය රාජිතට විරෝධය පළ කළේ චීන යාත්‍රා මෙරට මුහුදු කලාපයේ ධීවර කර්මානතයේ නිරත වන බව  පවසමින්. රාජිත ඒවා ගණනකට නොගත්තේ, නෝනාගේ බිස්නස් කැඩෙන නිසා. ධීවර සංස්ථාව අල්ලන මත්ස්‍ය සම්පත සාගරය මැද  දීම  සොච්චමට චීනයට දෙන්නේ නෝනාගේ කොම්පැනියෙන්.  "චීන යාත්‍රා  4කට පුළුවන් නම් බහුදින යාත්‍රා 4000ක තියෙන මාළු මිල බස්සන්න" ඇමති රාජිත ධීවරයින් මගහැරියේ එහෙමයි.

ධීවර ජනතාවට - ජිවිතාරක්ෂක කබා ලබා දිමේ දි සූක්ෂම අයුරින් කෝටි 10කට අධික වංචාවක් සිදුකර ඇති බවත් සියලු සාක්ෂි සමඟ එය ඔප්පු කළ හැකි බවත් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසු ගිය දෙසැම්බර් 29වැනිදා- ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් - ජනාධිපති අපේක්ෂකයෙකු වූ  අනුරුද්ධ පොල්ගම්පොළ  ප්‍රකාශ කළා.

ජිවිතාරක්ෂක කබා සදහා ටෙන්ඩර් කැදවා ඇති අතර ඒ සදහා ආයතන 4ක් ඉදිරිපත් වී ඇත. අවසානයේ ටෙන්ඩරයේ හිමිකම ලැබී ඇත්තේ කහතුඩුව ප්‍රදේශයේ “කැන්ගරු” ආයතනයටයි. ඒ අනුව රාජිත සේනාරත්න විසින් එම ආයතනයට පළමු වාරයේ දි කබා 29,925ක ඇනවුමක් භාර දී ඇති අතර, පසුව අමාත්‍යවරයා උදිත අනුරාධ ලවා රුපියල් 2,696 කට කබා ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත. ඉල්ලීම කැන්ගරු ආයතනය ප්‍රතික්ෂේප කොට තිබුනා.

පසුව රාජිත කැන්ගරු ආයතනයේ ලේබලය භාවිතා කරමින් චීනයෙන් ජිවිතාරක්ෂක කබා ගෙන්වා ඒ සදහා අවශ්‍ය පැඩින් - ප්‍රමිතියෙන් බාල වර්ගයක් යොදා නිෂ්පාදනය කොට ඇති අතර, ඒවා ධීවරයන්ට ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙම කබා පැය 72 ක ආරක්ෂාවක් ලබා දෙන අතර, ඇමතිවරයා නිෂ්පාදනය කර වු ප්‍රමිතියෙන් බාල කබා මගින් පැය 2කට පමණක් ආරක්ෂාවක් ලැබුණු බවත් එවකට රට පුරා ධීවර ජනතාවගෙන් චෝදනා ලැබුණා. මෙහි දරුණු ඛේදවාචකයක් වශයෙන් කින්නියා ප්‍රදේශයේ සමහර ධීවරයන් මියගියා.

මීට අමතරව දෙවන වාරයේ දි කබා 18,864ක් නිෂ්පාදනය කර චීනයෙන් ගෙන්වා ඇති අතර රුපියල් 1,000 ක තරම් ඉතා අඩු මිලකට කබා ධීවරයන්ට ලබා දී ඇත. මෙම ඇනවුම් දෙක මගින් රාජිත සේනාරත්න ඉතා සුක්ෂම ලෙස රුපියල් කෝටි 10කට අධික වංචාවක් සිදු කර ඇති බව සියලු සාක්ෂි අනුව හෙළිදරව් කළ හැකි බව අනුරුද්ධ පොල්ගම්පොල අවධාරණය කළා.

රාජිත සේනාරත්න  හමුවූ ARUGAMBAY FISHARY(PVT) LTD සමාගම ශ්‍රී  ලංකා දියඹේ මසුන් ඇල්ලීමට සමාගමක් ඇරඹුවා.. මේ සමාගම පොතුවිල්හි ස්ථාපිත එකක්.  සමාගම කළ ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කිරීමට අමාත්‍ය යගවරයා 2012.10.01 වැනිදා UL 888 දරණ යානයෙන් චීනය බලායන්නේ අදාළ සමාගමේ වියදමෙන්.

නැවත 2013.06.06 වැනි දින චීනය බලායන රාජිත සේනාරත්න හවුල් ව්‍යාපාරයක් අරඹනවා. ඒ තම සම්බන්ධීකරණ ලේකම් වන දොන් ලලිත් අනුරාධ සෙනෙවිරත්න ප්‍ර ධාන කොටස් හිමිකරු කරමින්.

සමාගමේ නම “BLUE OCEAN FISHERY(PVT) LTD”. එහි ලියාපදිංචි අංකය N/A 176433යි. මෙහි කොටස් 60%ක් හිමි රාජිත සේනාරත්නගේ ලේකම් වන අනුරාධ සෙනෙවිරත්නටයි.

නව සමාගම නැව් අටක් මිලදී ගන්නවා.
ඒවා නම් Blue Ocean – 101,102,103,104,105,106,107සහ108 යි.

ඒවායේ ලියාපදිංචි අංක වන්නේ පිළිවෙලින්
        IMUL-A-0090,0091,0092,0093,0098,0099,0100,0101යි.

එහි ආයෝජනය මිලියන 1000ක්. ඒ අනුව රාජිත සේනාරත්නගේ ලේකම් දොන් අනුරාධ සෙනෙවිරත්නගේ ආයෝජනය මිලියන 600ක්. ගිවිසුම අනුව මෙම නැව් අටෙන් අල්ලා අපනයනය කරන මාළු ප්‍රමාණයෙන් 10%ක් ලංකා ධිවර සංස්ථාවට කිලෝ 1ක් ඇමරිකානු ඩොලර් 1කට විකිණීමට එකඟවී තිබුණත් - එම ආදායම ධීවර සංස්ථාවට ලැබුණාද?



නමුත් ඒ සඳහා මුදල් ගනුදෙනු රැසක් සිදුව තිබෙන බව  ”BLUE OCEAN FISHERY (PVT) LTD” සම්බන්ධ ගනුදෙනු පිළිබඳ  සාක්ෂි විමසීමෙන්  පැහැදිලිය.

රාජිත සේනාරත්න යනු ඇතුල්කෝට්ටේ ධීවර සංස්ථාව සතුව තිබුණු කෝටි 25කට 30කට වඩා වටිනාකමක් ඇති ගොඩනැඟිල්ල තමාගේ පෞද්ගලික බූදලය කර ගනිමින් - ඊට යාබද ගොඩනැඟිල්ල කුලියට ගෙන ධිවර සංසථාවේ මාළු විකිණීමට  ස්ථානය සාදාදුන් ආදර්ශමත් යහපාලකයෙකි.

 ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර පවසන්නේ 2014 වසරේදී පමණක් ඇමති බලතල උපයෝගී කරගෙන රුපියල් ලක්ෂ 20,000ක මසුන් අල්ලා තිබෙන බවත්, සමාගම් පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී සමාගමක් පිහිටුවා තිබෙන බවටත්ය.
 පැමිණිලි කළ බව සමරවීර ප්‍රකාශ කළේය.

ධීවර අමාත්‍ය ධූරය දරන සමයේ තම වරප්‍රසාද වලට මුවා වී 2007 අංක 7 දරණ සමාගම් පණත උල්ලංඝනය කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් (BLUE OCEAN FISHERY (PRIVATE) LIMITED) නමින් සමාගම  අරඹා  නීතියෙන් අවසර නැති ව්‍යාපාරයක යෙදී ඇත.

බ්ලූ ඕෂන් ෆිෂරි සමාගම විසින් රුපියල් මිලියල 400ක පමණ වටිනාකමකින් යුතු (Purse seiners Vassel වර්ගයේ දැවැන්ත ප්‍රමාණයේ ධීවර නෞකා)  8ක් රේගු බදු නොගෙවා වංචනිකව චීනයෙන් මෙරටට ගෙන්වා ඇත.

තම බලතල සහ වරප්‍රසාද අවභාවිතයේ යොදවමින් ඉහත සමාගම සදහා වසර 7ක බදු සහනද ලබාගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය සමග දූෂිත ගණුදෙණුවල යෙදී අධිකරණයෙන් වරදකරු වී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නෙරපනු ලැබූ ලංකාවේ (දූෂිතයෙකු ලෙස අධිකරණයෙන්ම නිළ මුද්‍රව තැබූ) එකම දේශපාලකයාද රාජිත සේනාරත්නය.

 රාජපක්ෂ රජය සමයේ ධීවර අමාත්‍යවරයාව සිටියදී තම ඇමති වරප්‍රසාද වලට මුවා වී තමන්ගේම නැව් සමාගමක් වංචනිකව අරඹමින් ඒ හරහා රුපියල් මිලියන 20000 කට අධිකව ශ්‍රීලංකා රජයට සහ ධීවර ජනතාවට අහිමි කළාය යන බරපතල චෝදනාවක් මෙම තැනැත්තාටම  තිබේ.

මෙම  දූෂිත පැටිකිරිය සම්බන්ධයෙන් සාක්ෂි සහිතවම හෙළිදරව් කරමින් මුලින්ම දෙබරයට ගල් ගැහුවේ බොදු බල සේනා සංවිධානයයි. ඒ 2014 අගෝස්තු මාසයේදීය.
(අදාල මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ පටය පහතින් දැක්වේ)


රාජිතගේ නැව් ගණුදෙණුවලට අදාළ සියලුම සාක්ෂි සහිත ලිපිගොනු පහතින් බලන්න.